පොදු ඉරණමක් සහිත චීන-පැසිෆික් ප්‍රජාවක් වෙනුවෙන් චීනයේ කැපවීම යළි අවධාරණය කෙරේ

චීනය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති පැසිෆික් දූපත් රටවල් අතර තුන්වන විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම මැයි මස 28 වනදා සිට 29 වනදා දක්වා චීනයේ ෂ්‍යාමෙන් නගරයේ පැවැත්විණ. පැසිෆික් දූපත් රටවල් සමඟ චීනයේ සබඳතා සහ පොදු අවධානයට ලක් වන කරුණු පිළිබඳව එහිදී ගැඹුරු අදහස් හුවමාරු පැවැත්වුණු අතර, පුළුල් එකඟතාවයකට පැමිණ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරිණ.

පොදු ඉරණමක් සහිත චීන-පැසිෆික් දූපත් රාජ්‍ය ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු පාර්ශ්වයන් තම කැපවීම නැවත අවධාරණය කරන බව ප්‍රකාශයේ සඳහන් වේ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද පැසිෆික් දූපත් රටවල් සමඟ සබඳතා වර්ධනය කිරීම පිළිබඳ චීනයේ ප්‍රතිපත්තිය චීනය නැවත අවධාරණය කරයි. එනම්, දූපත් රටවල ස්වෛරීභාවය සහ ස්වාධීනත්වයටත්, ඔවුන්ගේ කැමැත්තටත්, ජාතික සංස්කෘතික සම්ප්‍රදායන්ට හා ඔවුන් අතර එකමුතුකමටත් සම්පූර්ණයෙන්ම ගරු කිරීම ය. පැසිෆික් දූපත් රටවලට චීනයේ ආධාර, දේශපාලන කොන්දේසි සමඟ නොපැමිණෙන බවත්, චීනය “හිස් චෙක්පත්” ලබා දීම වැනි රැවටීම් සිදු නොකරන බවත් එම ප්‍රකාශය අවධාරණය කරයි.

ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, තායිවාන ප්‍රදේශය චීන භූමියෙන් අහිමි කළ නොහැකි කොටසක් බවත් සියලු පාර්ශ්වයන් පිළිගනී. පැසිෆික් දූපත් රටවල ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා චීනය ද දැඩි ලෙස සහය දක්වයි.

පැසිෆික් දූපත් රටවල් ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පිළි ගන්නා අතර, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය සමඟ ක්‍රියා කිරීමට කැමැත්තෙන් සිටිති. කලාපීය සමෘද්ධිය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබා දීම සඳහා “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලෙහි උසස් තත්ත්වයේ පොදු සංවර්ධනය, “නිල් පැසිෆික් 2050 උපාය මාර්ගය” සමඟ සම්බන්ධ කර ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සියලු පාර්ශ්වයන් එකඟ වී තිබේ.