ඇමරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්ති ගෝලීය සංවර්ධනයට වැඩි අවිනිශ්චිතතාවයක් ගෙන දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නිත්‍ය නියෝජිත Sun Lei මහතා පවසයි. චීනය ජාත්‍යන්තර පිළිවෙල මෙන්ම ගෝලීය සාධාරණත්වය හා යුක්තිය ස්ථිරව ආරක්ෂා කරන බව ද හෙතෙම පැවසීය. ඒ ඊයේ(29) පැවති එක්සත් ජාතීන්ගේ සංවර්ධන මූල්‍යකරණ සංසදයේ ඉහළ මට්ටමේ විශේෂ රැස්වීමේදීය.
වත්මන් ලෝකය වෙනස්වන සහ අවුල් සහගත තත්ත්වයකින් හෙබි බවත්, ඒකපාර්ශ්විකවාදය, ආරක්ෂණවාදය සහ ආර්ථික හිරිහැර කිරීම් බහුලව පවතින බවත් Sun Lei මහතා පැවසීය. ඒ හේතුවෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල මූල්‍ය ගැටළු මතුව ඇති අතර, තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද බරපතල ලෙස පසුගාමී වී තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව එක්සත්කම සහ පොදු-ජයග්‍රාහී සහයෝගීතාවය පිළිබඳ එකඟතාවයකින් යුතුව, අභියෝගවලට මුහුණ දීමට සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට එක්ව ක්‍රියා කළ යුතු බව Sun Lei මහතා කියා සිටියේය.