බ්‍රසීලය ඇතුළු රටවල් පහක් වෙත චීනයෙන් නිදහස් වීසා පහසුකම්

බ්‍රසීලය, ආර්ජන්ටිනාව, චිලී, පේරු සහ උරුගුවේ යන රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා අත්හදා බැලීමේ පදනමක් මත අද (1) සිට චීනය වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරයි.

චීනය ඒකපාර්ශ්විකව වීසා නිදහස් කිරීමේ රටවල් සංඛ්‍යාව ඉන් වැඩි කර ඇත.

ඒ අනුව 2025 ජුනි මස 01 වනදා සිට 2026 මැයි මස 31 වනදා දක්වා ඉහත රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට සිය ව්‍යාපාර කටයුතු, සංචාරය, ඥාතීන් හා මිතුරන් බැලීම ආදී අවශ්‍යතා සඳහා දින 30ක කාලයක් වීසා බලපත්‍රයක් නොමැතිව චීනයට ඇතුළු වී එහි රැඳී සිටිය හැකි බව සඳහන් වේ.

චීනයේ වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ රටවල් ආශ්‍රිතව ව්‍යාප්ත කළ පළමු අවස්ථාව මෙයයි. මේ වන විට චීනයේ වීසා නිදහස් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවල් සංඛ්‍යාව 43 දක්වා වැඩි වී ඇත.