බ්‍රික්ස් යාන්ත්‍රණය කිසිදු රටකට එරෙහි නොවන බව චීන විදේශ අමාත්‍යංශය කියයි

බ්‍රික්ස් යාන්ත්‍රණය කිසිදු රටකට එරෙහි නොවී විවෘතභාවය, සහභාගීත්වය, සහයෝගිතාවයෙන් පොදු-ජයග්‍රාහී දිශාව වෙත අවධානය යොමු කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ (07) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

බ්‍රික්ස් රටවල් ඇමරිකානු විරෝධී ප්‍රතිපත්තීන් ක්‍රියාවට නංවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක් විය. ඒ සමග ම, බ්‍රික්ස් රටවලට එරෙහිව 10%ක නව තීරුබදු පනවන බවට හෙතෙම තර්ජනය කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ බ්‍රික්ස් යාන්ත්‍රණය, නැගී එන නව්‍ය වෙළඳපොළ රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා සහයෝගිතා පැවැත්වීමට වැදගත් වේදිකාවක් බවයි. වෙළඳ ආරවුල් හා තීරුබදු ගැටුම් අතරින් ජයග්‍රාහිකයෙකු නොමැති අතර, ආරක්ෂණවාදය සාර්ථක නොවන බව ද ඇය කියා සිටියාය.