බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා Downing Street හි දී යුක්රේන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි මහතා හමු වේ.
මෙම හමුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ජනපති සෙලෙන්ස්කි මහතා වෙත දැනුම් දී ඇත්තේ යුක්රේනයට බ්‍රිතාන්‍යයේ පූර්ණ සහයෝගය තිබෙන බවයි.
එමෙන්ම යුක්රේනයේ කල් පවත්නා සාමය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ නොසැලෙන අධිෂ්ඨානය ද ඔහු මෙහිදී අවධාරණය කර ඇත.
යුක්රේනයේ යුද ගැටුම් ආරම්භයේ සිටම බ්‍රිතාන්‍යය තම රට වෙත දැක් වූ සහයෝගයට සිය ස්තුතිය පළ කිරීමට ද ජනපති සෙලෙන්ස්කි මහතා මෙහිදී පියවර ගත්තේය.
මේ අතර යුක්රේනයේ ආරක්ෂක වියදම් වෙනුවෙන් පවුම් බිලියන 2.26ක ණය ආධාරයක් යුක්රේනය වෙත ලබා දීමට ද බ්‍රිතාන්‍යය එකඟත්වය පළ කර තිබේ.
පසුගිය සිකුරාදා දිනයේදී ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමෙන් අනතුරුව සෙලෙන්ස්කි ජනපතිගේ මෙම බ්‍රිතාන්‍ය සංචාරය සිදු විය.