බාධා රහිත ඉදිකිරීම් සඳහා කෘත්‍රිම බුද්ධියේ සහාය ශක්තිමත් කිරීම පිළිබඳ චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ

බාධා රහිත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තාක්ෂණික සහාය සහ ශක්‍යතා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධියේ සහාය ශක්තිමත් කළ යුතු බවත් කෘත්‍රිම බුද්ධියේ සංවර්ධන ප්‍රතිඵල විවිධ රටවල් පොදුවේ බෙදා ගැනීම ඉදිරියට ගෙන යා යුතු බවත් චීනය ප්‍රකාශ කරයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සහ ස්විට්සර්ලන්තයේ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල චීනයේ ස්ථාවර නියෝජිත චෙන් ශූ මහතා මෙසේ ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 59 වන සැසිවාරයේ තාක්ෂණික සහාය පිළිබඳ වාර්ෂික සමුළුවේදී රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමිනි.

බාධා රහිත පරිසරයක් ගොඩනැගීම සියලු ලෝකවාසීන්ට මානව හිමිකම් භුක්ති විඳීම ප්‍රවර්ධනයේදී වැදගත් සහතිකයක් බව චෙන් ශූ මහතා පෙන්වා දෙයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට නව්‍ය විසඳුම් හරහා භෞතික, තොරතුරු සහ සංස්කෘතික බාධක ඉවත් කර සමාජීය සමාන ප්‍රවේශයේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ හැකිය. මෙහිදී ජනතාවට මූලිකත්වය ලබා දෙමින් පොදු ප්‍රතිලාභය, සහයෝගතාවය සහ පොදු ජයග්‍රහණය පිළිබඳ ජීවගුණයෙහි නියැළී සිටීමේ වැදගත්කම ද එහි අවධාරණය කෙරිණ.