බාලවයස්කරුවන්ගේ සදාචාරාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීමේ කටයුතු සම්බන්ධයෙන් චීන ජනපතිගෙන් උපදෙස් 

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑතකදී බාලවයස්කරුවන්ගේ සදාචාරාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීමේ කටයුතු පිළිබඳ වැදගත් උපදෙස් ලබා දුන්නේය. 

නව ගමනේ, බාලවයස්කරුවන්ගේ සංකල්පමය හා සදාචාරාත්මක සංවර්ධනය උපායමාර්ගික හා මූලික කාර්යයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. නව යුගයේ චීන මාදිලියේ සමාජවාදී චින්තනය මත පාසල්, කුටුම්භ හා සමාජය එකතු වී බලවයස්කරුවන් සඳහා විධිමත් අධ්‍යාපන පද්ධතියක් සකස් කළ යුතුය. බාලවයස්කරුවන් සමාජවාදය ගොඩනගන්නන් සහ එහි අනුප්‍රාප්තිකයන් බවට පත් වීම සඳහා උසස් පරමාදර්ශ ඇති කිරීම, සමාජවාදයේ මුලික සාරධර්ම ක්‍රියාත්මක කිරීම සහ යහපත් සදාචාරාත්මක හැසිරීම් හා විනය පුරුදු කිරීම යන ක්ෂේත්‍රවල ඔවුන්ට උපදෙස් හා අධ්‍යාපනය විධිමත් ලෙස ලබා දිය යුතු බවද ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. ඊට අමතරව, ඒ ඒ මට්ටම්වල චීන කොමියුනිස්ට් පක්ෂ හා රජයේ නායකත්වය ශක්තිමත් කරමින් අදාළ අංශ හා මහජන සංවිධාන සිය වගකීම් ඉටු කර බාලවයස්කරුවන්ගේ විධිමත් සංවර්ධනය සඳහා හිතකර සමාජ පරිසරයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කළ යුතු බවද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

බාලවයස්කරුවන්ගේ සංකල්පමය හා සදාචාරාත්මක සංවර්ධන කටයුතු පිළිබඳ රැස්වීමක් අද(15) බෙයිජිංහිදී පැවැත්විණ. ෂී ජින් පිං මහතාගේ උපදෙස් එහිදී පැහැදිලි කර ඇත. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාංශයේ ලේකම් Cai Qi මහතා එහිදී දේශනයක් ද පැවැත්වීය.