මියන්මාරයේ මධ්‍යම ප්‍රදේශ ආශ්‍රිතව පසුගිය 28 වැනිදා වාර්තා වූ ප්‍රබල භූමිකම්පනයෙන් ජීවිත හානි සහ දේපළ හානි රැසක් වාර්තා වී තිබේ.
ඒ අනුව ඔවුන්ට සහය දක්වමින් චීන අභ්‍යවකාශ විද්‍යා හා තාක්ෂණ සංස්ථාව, ආපදා ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ දර්ශන ලබා ගනිමින් අවශ්‍ය තොරතුරු සැපයීමට එක්ව සිටී. අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති Gaofen-4, Gaofen-3 සහ පාරිසරික ආපදා අවම කිරීමේ චන්ද්‍රිකා අංක 2-05 ඇතුළු චන්ද්‍රිකා 14ක් මේ වෙනුවෙන් භාවිත කර ඇත.
ඒ හරහා ආපදා ප්‍රදේශයේ චන්ද්‍රිකා රූප රාමු ලබා ගැනීමට අදාළ මෙහෙයුම් 20 ක් ඊයේ (29) පස්වරුව වන විට සංවිධානය කර තිබූ අතර,එහිදී පශ්චාත්-ආපදා තත්ත්වයන්‍ට අදාළව ඵලදායී දත්ත වාර්තා 16 ක් ලබාගෙන ඇති බව වාර්තා වේ.
තවද චීනය මෙම නිරීක්ෂණ චන්ද්‍රිකා ඔස්සේ, මියන්මාරයේ භූමිකම්පා ව්‍යසන තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීම් අඛණ්ඩව සිදු කරගෙන යනු ඇති අතර අදාළ සහන ලබා දීමට සිදු කරනු ඇත.