මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් 14කින් කෘෂි හා ආහාර නිෂ්පාදන වර්ග 126ක් චීනයට එවීමට අවසර හිමි වේ.
ඊයේ (22) පැවති 7 වැනි චීන -මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල රේගු පරීක්ෂණ හා නිරෝධායන පිළිබඳ සහයෝගිතා සංවාදයේදී මේ බව ප්‍රකාශ කෙරිණ. ඒ අනුව, මේ වනවිට මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් 14 ක කෘෂි හා ආහාර නිෂ්පාදන වර්ග 126ක් චීනයට පිවිස ඇති අතර එහි ලියාපදිංචි වූ විදේශීය කෘෂි නිෂ්පාදන ව්‍යවසායන්ගේ සංඛ්‍යාව 3430 කි.
මෑත වසර කිහිපය තුළ, මධ්‍යම සහ නැගෙනහිර යුරෝපීය රටවලින් කෘෂි හා ආහාර නිෂ්පාදන සඳහා වන නිරෝධායන හා ප්‍රවේශ ක්‍රියාවලිය, චීන රේගුව විසින් වේගවත් කෙරිණ. පසුගිය 2024 වසරේ චීනය හා මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රටවල් අතර පැවති ද්විපාර්ශ්වික වෙළඳාමේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 142.27කි. එය පසුගිය 2023 වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව සියයට 6.3කින් වැඩි වී ඇති අතර සමස්ත චීනයේ ආනයන හා අපනයන වර්ධන වේගය හා සැසඳීමේදී එය සියයට 2.5 කින් වැඩි වී ඇති බව පෙන්නුම් කරයි.
ඊයේ, 4 වන චීන -මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවල ප්‍රදර්ශනය මෙන්ම ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය චීනයේ Zhejiang පළාතේ Ningbo නගරයේදී ආරම්භ කෙරිණ.