එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වන සැසිවාරය පෙබරවාරි මස 23 වැනිදා සිට මාර්තු මස 31 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්විණ. රාජ්‍ය නොවන සංවිධානවල ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධනය සඳහා වූ චීන සංගමය සහ චීන ජාත්‍යන්තර හුවමාරු සංගමය ඇතුළු චීන සමාජ සංවිධාන කිහිපයක් එම සැසිවාරයට ක්‍රියාකාරීව සහභාගී වී දේශන පැවැත්වීය. එහිදී ඔවුහු චීනයේ මානව හිමිකම් සංකල්ප සහ ජයග්‍රහණ පිළිබඳව හඳුන්වා දෙමින් චීනයට එරෙහි ද්වේෂසහගත ප්‍රකාශ දැඩි ලෙස ප්‍රතික්ෂේප කළහ.
දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සහ සංස්කෘතික අයිතිවාසිකම් සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බව චීන ජාත්‍යන්තර හුවමාරු සංගමයේ නියෝජිත Gu Qunye මහතා එහිදී පැවසීය. චීන සමාජ සංවිධාන ග්‍රාමීය දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ට චිත්‍ර හා සංස්කෘතික පාඨමාලා පැවැත්වීමෙන් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩනැගීමට උපකාර කිරීමට කැපවී සිටින බව ඔහු පැවසීය.