මානුෂීය ආධාර වැඩි කරමින් යුක්‍රේනය හා රුසියාව අතර සාම සාකච්ඡා සඳහා පෙළඹවීමට ජාත්‍යන්තරය ක්‍රියා කළ යුතුය–චීනය

යුක්‍රේන ගැටලුව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමක් ඊයේ(20) පැවැත්විණ. තවත් ශීත සෘතුවක් ළං වීමේදී ගැටුම් පවතින කලාපයන් හි ජනතාව යුද්ධයේ සහ අධික සීතලේ ද්විත්ව අභියෝගයන්ට මුහුණ දෙන බවත්, එමඟින් මානුෂීය තත්ත්වය හා සම්බන්ධ ගැටලු උග්‍ර වීම කනස්සල්ලට හේතු වන බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එම රැස්වීම අමතමින් පෙන්වා දුන්නේය. යුක්‍රේනය හා රුසියාව වඩාත් සන්සුන් ආකල්පයක සිට ජාත්‍යන්තර මානුෂීය නීතිය දැඩි ලෙස පිළිපදිමින් සිවිල් වැසියන්ගේ සහ  ඔවුන්ගේ යටිතල පහසුකම් හි ආරක්ෂාව දැඩි ව සහතික කළ යුතු බව ඔහු පැවසීය. 

යුක්‍රේන අර්බුදය විසඳීමට ශක්‍යතා ඇති එකම මාර්ගය සංවාදය සහ සාකච්ඡා ය. දේශපාලන කැමැත්ත පෙන්නුම් කරමින් හැකි ඉක්මනින් සාකච්ඡාමය විසඳුමක් සඳහා වන මාවතකට පිවිසෙන ලෙස චීනය ගැටුමට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි. අර්බුදයට දේශපාලන විසඳුමක් වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මාණය සඳහා සාම සාකච්ඡා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරන ලෙසත්, මානුෂීය ආධාර වැඩි කරන ලෙසත් චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ද Fu Cong මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.