මාර්තු මාසයේ චීනයේ නිෂ්පාදන කර්මාන්තය යථා තත්ත්වයක

මෙම මාසයේ චීනයේ නිෂ්පාදන කර්මාන්තයේ ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය 50.4%ක් වූ අතර, මෙමගින් පෙබරිවාරි මාසයට වඩා 1.4%ක ඉහළ යාමක් පෙන්නුම් කෙරේ. චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය, චීන භාණ්ඩ සැපයුම් හා ගැණුම් සංගමය අද(31) නිකුත් කළ දත්තයන්හි මේ බව දැක්වෙයි.

පසුගිය ජනවාරි හා පෙබරිවාරි මාස දෙකේදී එම දර්ශකය 50%ට අඩු මට්ටමක පැවතියද මෙම මාසයේ සිදු වූ වර්ධනය, චීනයේ නිෂ්පාදන කර්මාන්තය යථා තත්ත්වයට පත් වීම සනිටුහන් කිරීමක් වීම විශේෂත්වයකි.