මාලදිවයින සහ චීනය අතර මිත්‍රශීලී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මාලදිවයින සැමවිටම කැපවී සිටින බව මාලදිවයින ජනාධිපති Mohamed Muizzu මහතා පවසයි. ඔහු ඊයේ(05) මේ බව සඳහන් කළේ මාලදිවයිනේ ජනාධිපති මන්දිරයේදී මාලදිවයිනේ නව චීන තානාපති Kong Xianhua මහතාගේ අක්තපත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි.
මාලදිවයිනේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබා දෙන දායකත්වය Muizzu මහතා බෙහෙවින් අගය කරන බවත්, මාලදිවයින-චීන මිත්‍රශීලී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එම සහයෝගීතාවයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සඳහා මාලදිවයින සැමවිටම කැපවී සිටින බවත් ඔහු එහිදී පැවසීය.
දෙරට නායකයින් දෙදෙනාගේ උපායමාර්ගික මඟපෙන්වීම යටතේ, චීන- මාලදිවයින සබඳතා ඓතිහාසික වශයෙන් ජයග්‍රාහී අවස්ථාවක පවතින බවත්, පොදු ඉරණමක් සහිත චීන-මාලදිවයින ප්‍රජාවක් ගොඩනැගීම සඳහා චීනය මාලදිවයින සමග කටයුතු කරනු ඇති බවත් Kong Xianhua මහතා එහිදී සඳහන් කර ඇත.