මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් වහා නතර කළ යුතු බව චීනය අවධාරණය කරයි

මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් වහා නතර කළ යුතු බව චීනය පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ ස්ථිර නියෝජිත Fou Cong මහතා ඊයේ (20) පැවති මැද පෙරදිග තත්ත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි මහජන රැස්වීමේ දී මේ බව පැවසීය. ඊශ්‍රායලය සහ ඉරානය අතර හමුදා ගැටුම් තවදුරටත් උත්සන්න වුවහොත්, ඊට සම්බන්ධ දෙපාර්ශවයටම විශාල පාඩු සිදු විය හැකි මෙන්ම කලාපීය රටවල් ද විශාල වශයෙන් පීඩාවට පත්වනු ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ඊශ්‍රායලයේ ක්‍රියාවන් ජාත්‍යන්තර සබඳතා පාලනය කරනු ලබන ජාත්‍යන්තර නීතිය සහ සම්මතයන් උල්ලංඝනය කරයි. එය ඉරානයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව උල්ලංඝනය කරන අතර, කලාපීය සාමය සහ ස්ථාවරත්වයට හානි කරයි. චීනය මෙම තත්ත්වය පැහැදිලිවම හෙළා දකින බව Fou Cong මහතා සඳහන් කළේ ය. සාමය හා සංවාදය ප්‍රවර්ධනය කිරීමට මෙන්ම, ආතතීන් ලිහිල් කිරීම සඳහා, සෑම උත්සාහයක්ම ගන්නා ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවත්, Fou Cong මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේ ය.