මැදපෙරදිග තත්ත්වය කඩිනමින් පාලනය සඳහා සියලු පාර්ශ්වයන් උත්සාහ කළ යුතු බව චීන ජනපති කියයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උස්බෙකිස්ථාන ජනාධිපති Shavkat Miromonovich Mirziyoyev මහතා හමුවෙයි. ඒ අස්ටානා අගනුවර පැවැත්වීමට නියමිත දෙවැනි චීන-මධ්‍යම ආසියානු සමුළුව අතරතුර සිදුවිය.

උස්බෙකිස්ථානය සමඟ රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කරමින් අන්‍යෝන්‍ය වාසිදායක සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාත්මක කොට තම රටවල සංවර්ධනයට සහය වීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේය.

අධි හා නව තාක්ෂණ, කෘෂිකර්මාන්තය, හරිත බලශක්තිය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට උස්බෙකිස්ථානය සූදානමින් සිටින බව Mirziyoyev මහතා එහිදී පැවසීය.

නායක දෙපළ එහිදී වත්මන් මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගෙන තිබේ. මැදපෙරදිග තත්ත්වය කඩිනමින් පාලනය සඳහා සියලු පාර්ශ්වයන් උත්සාහයෙන් ක්‍රියා කළ යුතු බව චීන ජනාධිපතිවරයා කියා සිටියේය.

එම හමුවෙන් අනතුරුව, රාජ්‍ය නායකයින් දෙදෙනා උස්බෙකිස්තානය ලෝක වෙළඳ සංවිධානයට ඇතුළත් වීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමට ද එක්වූහ.