මැදපෙරදිග තත්ත්වය සම්බන්ධ රුසියාවේ යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී සම්මත නොවීම පිළිබඳ චීනයේ කණගාටුව

මැදපෙරදිග තත්ත්වය සම්බන්ධව රුසියාව ඉදිරිපත් කළ යෝජනා කෙටුම්පත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී සම්මත නොවීම පිළිබඳ චීනය කණගාටුව පළ කරයි. එම යෝජනා කෙටුම්පත පිළිබඳව ඊයේ (11) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙහි ඡන්ද විමසීමක් පැවැත්විණ. එහිදී මැදපෙරදිග තත්ත්වය සම්බන්ධව රුසියාව ඉදිරිපත් කළ එම යෝජනා කෙටුම්පතට රුසියාව, චීනය,පාකිස්ථානය හා සෝමාලියාව  පක්ෂව ඡන්දය දුන් අතර ඇමරිකාව හා ලැට්වියාව ඊට විපක්ෂව ඡන්දය භාවිත කළේය. තවත් රටවල් 9ක් ඡන්ද දීමෙන් වැළකී සිටියේ ය.

එම යෝජනා කෙටුම්පත සම්මත නොවීම පිළිබඳව ඉතා කණගාටු වන බව ඡන්ද විමසීමෙන් අනතුරුව ආරක්ෂක මණ්ඩලයේ පැවති සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ‍කියා සිටියේ ය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා මූලධර්ම යළි අවධාරණය කළ රුසියා‍වේ එම යෝජනා කෙටුම්පතෙන්, සිවිල්වැසියන් හා යුදමය ‍‍‍නොවන පහසුකම් වෙත එල්ල කළ සියලු යුද ප්‍රහාර හෙළාදැකීම සහ වහාම යුද මෙහෙයුම් නතර කර ආපසු සාකච්ඡා මේසයට පැමිණෙන ලෙස එම ගැටුමට අදාළ පාර්ශ්වයන්ට ආයාචනා කිරීම හේතුවෙන්, චීනය එම යෝජනා කෙටුම්පත පිළිගන්නා බව ද Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.