මැදිහත්වීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයක් ස්ථාපිත කිරීම, සහයෝගතාව හා පොදු ජයග්‍රහණය පිළිබඳ යුගයේ අවශ්‍යතාවන්ට අනුකූල වන්නක් බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ඒ බව ප්‍රකාශ කළේ අද(20) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
චීනය සහ ඒ හා සමාන ස්ථාවරයන් සහිත රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක් එක්ව 2022 වසරේ දී මැදිහත්වීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමේ මුලපිරීම ඉදිරිපත් කළ බව ඇය පැවසුවාය. ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින්, අදාල ගිවිසුම පිළිබඳ සාකච්ඡා අවසන් කර ඇති අතර, එහි මූලස්ථානය චීනයේ හොංකොං හි ස්ථාපිත කළ යුතු බවට ඒකමතිකව එකඟ වී තිබේ. ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව සහ යුරෝපයේ රටවල් 60 කට ආසන්න සංඛ්‍යාවක් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 20 ක් පමණ ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් මැයි මස 30 වන දින පැවැත්වෙන උත්සවයට සහභාගී වීමට නියමිත ය. චීන විදේශ අමාත්‍ය වං යී මහතා එම අවස්ථාවට එක්වනු ඇත. “රටවල් අතර ආරවුල් සමථකරණය” සහ “ජාත්‍යන්තර ආයෝජන සහ වාණිජ ආරවුල් සමථකරණය” පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එදිනම පස්වරුවේ ජාත්‍යන්තර සංසදයක් පැවැත්වීමට නියමිත බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.
මැදිහත්වීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය, ස්ථාවරත්වය සහ සංවර්ධනය සෙවීමේදී විවිධ රටවල පොදු අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වයි. ප්‍රධාන නීති පද්ධතීන් හි වාසිසහගත තත්ත්වයන් එක්රැස් වන සේ ක්‍රියාත්මක කෙරෙන එම ආයතනය, නීති පාලන ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය වඩාත් සාධාරණ දිශාවකට ප්‍රවර්ධනය කිරීමට හිතකර වේ.