මැයි මාසයේ චීනයේ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර විකුණුම් අගයෙහි කැපී පෙනෙන වර්ධනයක්

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව, මෙම වසරේ ප්‍රථම මාස පහ තුළ, චීනයේ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයන් හි සමස්ත සිල්ලර විකුණුම් අගය යුවාන් ට්‍රිලියන 20.32ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට වඩා 5%ක වැඩි වීමකි. ඒ අතරින් මැයි මාසයේ පමණක් මෙම වටිනාකම යුවාන් ට්‍රිලියන 4.13ක් වූ අතර, එය පසුගිය වසරේ එම කාලසීමාවට වඩා 6.4% වැඩි වීමකි.

මැයි මාසයේ දී සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයන් හි සමස්ත සිල්ලර විකුණුම්වල මාසික වර්ධන වේගය පසුගිය වසරේ සිට නව ඉහළම අගයකට ළඟා විය. දේශීය පාරිභෝගික වෙළඳපොළෙහි ධනාත්මක ප්‍රවණතාවය වඩාත් ස්ථායී වෙමින් පවතින අතර, පාරිභෝගික වෙළඳපොළෙහි ජීව ශක්තිය වඩා වේගවත්ව මුදා හරින බව, මෙයින් පෙනී යයි.