මෙම වසරේ පළමු භාගයේදී චීනයට ඇතුළු වූ හා ඉන් පිටව ගිය පිරිස මිලියන 300 ඉක්මවයි

චීන ජාතික ආගමන පරිපාලන වාර්තාවන්ට අනුව, මෙම වසරේ මුල් මාස 06 තුළ, චීනයට ඇතුළු වූ හා පිටව ගිය පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 333ක් වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 15.8%ක වැඩිවීමකි.

මෙම කාලය තුළ විදේශිකයන් මිලියන 13.6කට වැඩි පිරිසක් වීසා නොමැතිව චීනයට ඇතුළු වූ අතර, එය චීනයට පැමිණි සමස්ත විදේශිකයින්ගෙන් 71.2% ක් වේ. මෙම සංඛ්‍යාව පසුගිය වසරේ ප්‍රථම මාස 06 හා සැසඳීමේ දී 53.9%ක වැඩි වීමකි.