යුද බලය පෙන්වා ගැටළු ඇති කිරීමෙන් සිදු වනුයේ කලාපීය තත්ත්වය නොසන්සුන් වීම පමණක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(6) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය.
පිලිපීනය, ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් නිරතුරුවම ඒකාබද්ධ නාවික යුද අභ්‍යාස පැවැත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
දකුණු චීන මුහුදේ දූපත් හා ආසන්න මුහුදු ප්‍රදේශ සම්බන්ධව චීනයට අවිවාදයෙන්ම ස්වාධිපත්‍යය හිමි වන අතර චීනය දේශීය නීති හා ජාත්‍යන්තර නීතිවලට අනුව, සිය ස්වාධිපත්‍යය හා අයිතිවාසිකම් සුරක්ෂිත කරන බව ඇය මෙහිදී අවධාරණය කළා ය.
එමෙන්ම රටවල් අතර පවතින ආරක්ෂක කටයුතු හා ආරක්ෂක සහයෝගීතා, කලාපීය සාමය හා ස්ථාවරත්වයට ද ඉවහල් විය යුතු බව පෙන්වා දුන් Mao Ning මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, යුද බලය පෙන්වා ගැටළු ඇති කිරීමෙන් සිදු වනුයේ කලාපීය තත්ත්වය නොසන්සුන් වීම පමණක් බවයි.