චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ තීරණයකට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රටවල් කිහිපයක් වෙනුවෙන් නව චීන තානාපතිවරුන් පත් කරයි.
පිලිපීනය, නෙදර්ලන්තය, ඇන්ටිගුවාව සහ බාබුඩා, මාලි, කුවේට්, සියරා ලියොන්, ස්ලොවේනියා සහ පෘතුගාලය යන රටවල් වෙනුවෙන් එලෙස නව තානාපතිවරුන් පත් කර තිබේ.
එමෙන් ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ හා ස්විට්සර්ලන්තයේ පිහිටි සෙසු ජාත්‍යන්තර සංවිධානවල චීන නිත්‍ය නියෝජිත මෙන්ම තානාපති තනතුරු වෙනුවෙන් නව නියෝජිතවරයකු පත් කර ඇත.