රාජ්‍ය සංචාරයකට චීනයට පැමිණි ලාඕස ජනපති වෙත උණුසුම් පිළිගැනීමක්

රාජ්‍ය සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින ලාඕස ජනාධිපති, ලාඕස මහජන විප්ලවීය පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් Thongloun Sisoulith මහතා මහත් හරසරින් පිළිගැනේ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම පිළිගැනීමේ උත්සවය අද (05) පස්වරුවේ පැවැත්වුණේ, බෙයිජිං අගනුවර පිහිටි මහජන මහා ශාලාව අසලදීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව, ඉකුත් 02 වැනිදා චීනයට පැමිණි Thongloun Sisoulith මහතා හෙට (06) දිනය දක්වා මෙම සංචාරයේ නිරත වනු ඇත.