ලේ වැගිරූ ඉතිහාසයේ ඛේදවාචක යළි සිදු නොවිය යුතු බව චීනය අවධාරණය කරයි

දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය ආවර්ජනය කෙරෙන චිත්‍රපට රාශියක් මෑත කාලයේ දී චීනයේ එළි දක්වා ඇත. මෙවැනි සිදුවීම් අළලා නිර්මාණය කෙරුණු සිනමා පට ඇතුළු කලා කෘති වැඩි වශයෙන් නැරඹූ ජනතාව ගැඹුරින් වටහා ගෙන ඇති කරුණ වන්නේ සාමය දිනා ගැනීම ඉතා අසීරු බව ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් චීන ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Jiang Bin මහතා පෙන්වා දුන්නේ, දෙවන ලෝක යුද සමයේ දී ජපාන හමුදා ආක්‍රමණශීලී යුද්ධයක් දියත් කිරීමෙන්, චීන සහ ලෝක ජනතාවට ගැඹුරු ව්‍යසනයන් ගෙන දී ඇති බවයි. කිසිලෙසකින් හෝ බැහැර කළ නොහැකි ප්‍රබල සාක්ෂි හමුවේ, දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය විකෘති කිරීමට සහ ආක්‍රමණශීලී යුද්ධය උත්කර්ෂයට නැංවීමට ගන්නා ඕනෑම උත්සාහයක් කිසි විටෙකත් සාර්ථක නොවනු ඇතැයි ඔහු පැවසීය.

ලේ වගුරුවමින් කියා දුන් පාඩම් අමතක නොකළ යුතු අතර ඓතිහාසික ඛේදවාචකය නැවත සිදු නොවිය යුතු ය. මෙම වසර ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සනිටුහන් කරයි. ජපන් ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධක යුද්ධයේ ශ්‍රේෂ්ඨ ආත්මය උරුම කරගත් චීන හමුදාව ඒ සමඟින් ඉදිරියටම යමින්, වඩාත් ශක්තිමත් හැකියාවන් සහ වඩාත් විශ්වාසදායක මාධ්‍යයන් සමඟින්, ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා ආරක්ෂා කරනු ඇතැයි, Jiang Bin මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.