ලෝකයේ පළමු මානවරූපී රොබෝ බොක්සිං සටන පසුගිය 25වැනිදා චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය විසින් එම තරඟය සංවිධාන කරන ලදී.
එම තරඟය චීනයේ තායිවාන ප්‍රදේශයේ මහජන ප්‍රසාදය ඇතුළුව ගෝලීය අවධානය ද දිනාගෙන ඇත.
“මෙය චිත්‍රපට කතාවක යථාර්ථය පිළිබිඹු කිරීමක්” යනුවෙන් තායිවාන මාධ්‍ය වාර්තා කළේය. චීන මාධ්‍ය සමූහයේ වේගවත්ව වර්ධනය වන තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ තායිවාන ප්‍රදේශයේ සිටින අප චීන ස්වදේශකයන්ට මව්බිමේ වේගවත් සංවර්ධනය දැක ගැනීමට ඉඩ සලසා දී තිබෙන බව තවත් තායිවාන මාධ්‍ය සඳහන් කර තිබේ.
“CTI News”, “TVBS News Channel” සහ “ETtoday News Cloud” ඇතුළු තායිවාන ප්‍රදේශයේ ප්‍රධාන මාධ්‍ය ආයතන, ලොව ප්‍රථම මානවරූපී රොබෝ සටන් තරඟය පිළිබඳව පුළුල් ලෙස වාර්තා කොට තිබීම විශේෂත්වයකි.