ලෝක බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සංවිධානය 2024 වසරේ ගෝලීය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ඉල්ලුම් ප්‍රමාණය නිකුත් කර තිබේ.
එම සංඛ්‍යාලේඛනයට අනුව 2024 වසරේ ලෝකයේ පේටන්ට් සහයෝගිතා ගිවිසුම් ජාත්‍යන්තර ඉල්ලුම් ප්‍රමාණය ලක්ෂ 2.7 ඉක්මවා ඇත. එය 2023 වසරේ අගයට වඩා සියයට 0.5ක වැඩි වීමකි.
ඒ අතරින් චීනයේ පේටන්ට් ඉල්ලුම් ප්‍රමාණය 70160කි. එය 2024 වසරේ අගයට වඩා සියයට 0.9ක වර්ධනයකි. ඒ සමඟින් චීනය ලොව වැඩි ම පේටන්ට් ඉල්ලුම් ප්‍රමාණය සහිත රට බවට පත්වේ. දෙවැනි වැඩි ම පේටන්ට් ඉල්ලුම් ප්‍රමාණය සහිත රට වන ඇමරිකාවේ ඉල්ලුම් ප්‍රමාණය 54087කි. ජපානය, දකුණු කොරියාව හා පර්මනිය පිළිවෙලින් තුන්වැනි සිට පස්වැනි ස්ථානය ගෙන ඇත.
මේ අතර ඉල්ලුම්කරුවන් අතින් පේටන්ට් ඉල්ලුම් 6600ක් සහිත චීනයේ Huawei තාක්ෂණ සමාගම ලෝකයේ පළමු තැන ගෙන තිබීම ද විශේෂත්වයකි.