“ගෝලීය කළමනාකරණය පිළිබඳ මිතුරු කණ්ඩායම”ස්ථාපිත කෙරේ. එම කණ්ඩායම ස්ථාපිත කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) නිව්යෝක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සමුළුවක් පැවැත්විණ.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය කළමනාකරණ මුලපිරුම යටතේ ස්ථාපිත වූ “ගෝලීය කළමනාකරණය පිළිබඳ මිතුරු කණ්ඩායම” මගින්, ගෝලීය කළමනාකරණ ක්ෂේත්‍රයෙහි වැදගත් කරුණු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සමග එක්ව හුවමාරුව හා සහයෝගිතාව ශක්තිමත් කරමින්, වඩාත් සාධාරණ ගෝලීය කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීමට චීනය අපේක්ෂා කරන බව එහිදී Fu Cong මහතා කියා සිටියේ ය. එම අවස්ථාවට එක්වූ සාමාජික රටවල් 40ක නියෝජිතයෝ දේශන පවත්වමින් ගෝලීය කළමනාකරණ මුලපිරුමට සහාය පළ කළ අතර “ගෝලීය කළමනාකරණය පිළිබඳ මිතුරු කණ්ඩායම”ස්ථාපිත කිරීම වෙනුවෙන් ද සුබ පැතූහ.
සමුළුවෙන් පසු “ගෝලීය කළමනාකරණය පිළිබඳ මිතුරු කණ්ඩායම”ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ ය. එම කණ්ඩායම ස්ථාපිත කිරීම ගෝලීය කළමනාකරණ මුලපිරුම ක්‍රියාවට නැංවීම සඳහා වැදගත් පියවරක් බවත්, එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරයට සහාය වෙමින් ගෝලීය කළමනාකරණයට අදාළ ප්‍රධාන කරුණු පිළිබඳ සම්බන්ධීකරණය ශක්තිමත් කරනු ඇති බවත්, එම නිවේදනයෙහි සඳහන් වෙයි.