වයඹදිග පාකිස්ථානයේ Khyber Pakhtunkhwa පළාතේ ඉදිකෙරෙන Balakot නම් චීන ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන වේල්ලෙහි වැඩ කටයුතු අරඹයි.
එය සනිටුහන් කරමින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරෙන Kunhar ගංගාව ආශ්‍රිත කොටස වසා දැමීමට පසුගියදා පියවර ගැනිණ.
මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් මෙම ජල විදුලි ව්‍යාපෘතිය, චීන බලශක්ති ඉංජිනේරු සංස්ථාවට අනුබද්ධ China Gezhouba හි තෙවන ඉංජිනේරු සමාගම විසින් ඉදිකරන්නකි.
2021 වසරේ සැප්තැම්බර් මස නිල වශයෙන් ආරම්භ කරන ලද Balakot ජල විදුලි ව්‍යාපෘතිය Khyber Pakhtunkhwa පළාතෙහි දැනට ඉදිවෙමින් පවතින විශාලතම ජල විදුලි යෝජනා ක්‍රමය බව, මෙම ප්‍රදේශයේ බලශක්ති සංවර්ධන සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම අදාළ ව්‍යපෘතියේ භාරකරු ද වන සයිඩ් හබීබ් උල්ලා ෂා මහතා ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය අවසන් වූ පසු, එය පාකිස්ථානයේ වර්ධනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීමටත්, එරට ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට මෙන්ම දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වීමට සහ හරිත හා අඩු කාබන් සංක්‍රාන්තිය ප්‍රවර්ධනයටත් මනා සහයක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.