චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය දා ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක් ගොඩනැගීමේ නව සැලැස්ම (2024-2035) නිකුත් කරන ලදී. ඒ අනුව 2035 වසර වන විට ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක් ගොඩනැගීමේ ඉලක්කය කෙරෙහි,මෙම සැලැස්ම මගින් පුළුල් හා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය මූලික කර ගත් මෙම සැලැස්ම, අධ්‍යාපන අංශයේ සංවර්ධනයට ප්‍රමුඛත්වය දීම, චීන කොමියුනිස්ට් පක්ෂයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ චීන ලක්ෂණ සහිත සමාජවාදී අධ්‍යාපනයේ සංවර්ධන මාවත නොසැලී අනුගමනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
එසේ ම, 2027 වසර සහ 2035 වසර වන විට අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රධාන ඉලක්ක සහ කාර්යයන් ද එම සැලැස්ම මගින් විග්‍රහ කෙරේ. අධ්‍යාපන යාන්ත්‍රණය සඳහා පාසල්,කුටුම්භ සහ සමාජය සාමූහික ව වැඩිදියුණු කර ශක්තිමත් අධ්‍යාපන ක්‍රමයක් සහිත රටක් ගොඩනැගීම වෙත සමස්ත සමාජය අවධානය යොමු කළ යුතු බවට ද මෙම සැලැස්ම මගින් උපදෙස් දී ඇත.