විදේශීය සිසුන්ට එරෙහි ඇමරිකානු රජයේ නියෝග ජාත්‍යන්තරයේ දැඩි කැළඹීමක් කර ඇති බව නවතම මත විමසුකින් හෙළි වේ

ඇමරිකානු විශ්වවිද්‍යාල වෙත ජාත්‍යන්තර‍සිසුන් ඇතුළත් කර ගැනීම ඉලක්කකරගත් එක්සත් ජනපද රජයේ විධායකනියෝග මාලාව සම්බන්ධයෙන් වන ජාත්‍යත්තර මහජන මතය තුළ දැඩිකැළඹීමක් පෙන්නුම් කරයි.

මේ සම්බන්ධයෙන් CGTN මාධ්‍ය ජාලය පසුගියදා සිදු කළ සමීක්ෂණයකින් පෙනීයන්නේ ඊට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 90ක් පමණ බිඳ වැටුණු ඇමරිකානු සිහිනය පිළිබඳ කණගාටු වන බවයි.

එමෙන්ම එම ප්‍රතිචාර දැක්වූවන්ගෙන්සියයට 82.1ක පිරිසක් එක්සත් ජනපදයඑරට අධ්‍යයන නිදහස බරපතල ලෙසඋල්ලංඝනය කිරීම දැඩි ලෙස හෙළා දකිනබව පවසා ඇත.

එක්සත් ජනපද රජය විදේශයන් හි සියතානාපති කාර්යාල සහ කොන්සල්කාර්යාල වෙත ශිෂ්‍ය වීසා සම්මුඛපරීක්ෂණ අත්හිටුවීමට නියෝග කර ඇතිඅතර ජාත්‍යන්තර‍ සිසුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ද සලකා බලමින් සිටියි.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 81ක පිරිසක් මීට දැඩි ලෙස විරුද්ධ වන අතර, එය ජාත්‍යන්තර සිසුන්ට වෙනස් කොට සැලකීමක් මෙන්ම ඔවුන්ගේ පෞද්ගලිකත්වය බරපතල ලෙසඋල්ලංඝනය කිරීමක් ද ලෙස සලකයි. 

මීට අමතරව, එක්සත් ජනපදය ඊනියාදෘෂ්ටිවාදාත්මක වෙනස්කම් සහ ජාතිකආරක්ෂාව මුවාවෙන් චීන සිසුන්ගේ වීසා දඅත්තනෝමතික ලෙස අවලංගු කර ඇතිඅතර එය පුළුල් විවේචනයන්ට ද තුඩු දී ඇත.

සමීක්ෂණයට අනුව, ප්‍රතිචාරදැක්වූවන්ගෙන් සියයට 83ක පිරිසක්විශ්වාස කරනුයේ මෙම පියවර චීනසිසුන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම්වලටබරපතල ලෙස හානි කරන බවත් දෙරටඅතර සිසු හුවමාරු සඳහා අසාධාරණබාධක නිර්මාණය කරන බවත් ය.

එමෙන්ම මෙම සමීක්ෂණයේදී, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 82.5ක පිරිසක්, ට්‍රම්ප් පරිපාලනය දැඩි පීඩනයක් එල්ලකිරීමට සහ සමාජ ආයතනවලට එරෙහිපළිගැනීමේ ක්‍රියා සඳහා රාජ්‍ය බලයඅනිසි ලෙස භාවිත කිරීම විවේචනයකළහ.

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තවත් සියයට82.5ක පිරිසකගේ අදහස වූයේ ට්‍රම්ප් පරිපාලනයේ මෙම විධායක නියෝග,එක්සත් ජනපද උසස් අධ්‍යාපන පද්ධතියේඅත්තිවාරමට දැඩි හානියක් සිදු කරමින් ස්වාධීනත්වය, අධ්‍යයන නිදහස සහකතා කිරීමේ නිදහස අඩපණ කර ඇතිබවත් ය.

තවද, ඇමරිකානු විශ්වවිද්‍යාල එහි සිසුන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම්ආරක්ෂා කිරීම සඳහා නීතිමය ක්‍රමභාවිතා කළ යුතු බවට වන අදහසටසහාය වන බව සියයට 88.9ක පිරිසක් ප්‍රකාශ කර තිබේ.

CGTN හි ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි සහ රුසියානු වේදිකාවන් හි ප්‍රකාශයට පත් කරන ලද මෙම සමීක්ෂණය සඳහා විදේශීය අන්තර්ජාල පරිශීලකයින් 6886 දෙනෙකු පැය 24 ක් තුළ සහභාගී වී ඔවුන්ගේ අදහස් බෙදා ගනිමින් එක් විය.