ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනපති කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහායක් දැක්වීම චීනයේ අපේක්ෂාව බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. හෙතෙම මේ බව පැවසුවේ අද(14) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහාශාලාවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූ අවස්ථාවේ දීය.

චීනය හා ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිතුදම, කලක සිට පැවතින්නක් අතර, සාම සහජීවන පංචශීලී ප්‍රතිපත්තිය මත පදනම් කර ගනිමින් දෙරට ද්විපාර්වික සබඳතා අඛණ්ඩ ව වර්ධනය කර ඇති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. මෙමගින්, වෙනස් රටවල් අතර, මිත්‍රශීලී ව හැසිරීම හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත සහයෝගිතා පැවැත්වීමේ ආදර්ශයක් බිහි කර ඇත. සිය අසල්වැසි රටවල් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රිකභාවය තුළ චීනය ශ්‍රී ලංකාවට සැමවිට ම ප්‍රමුඛත්වය ලබා දෙයි. ශ්‍රී ලංකාව සමග එක්ව, සාම්ප්‍රදායික මිත්‍රත්වය, සහයෝගිතා තහවුරු කරමින් හවුල් අනාගතයක් සහිත චීන-ශ්‍රී ලංකා මානව ප්‍රජාව පොදුවේ ගොඩනැංවීමටත් දෙරටේ ජනතාවට වඩාත් සුබසෙත සැලසීමටත් චීනය සූදානම් බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

මේ අතර, සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය, ‍භෞමිත අඛණ්ඩතාව ආරක්ෂා කරන ශ්‍රී ලංකාවට චීනය සහාය දක්වයි. ශ්‍රී ලංකාව සමග එක්ව, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ගුණාත්මක අයුරින් පොදුවේ ගොඩනැංවීමට සූදානමින් සිටින චීනය, වරාය ආර්ථිකය, නවීන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, හරිත ආර්ථිකය, සංචාරය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් හි දෙරටේ සහයෝගිතා පුළුල් කිරීමට කැමැත්තෙන් සිටී. එමගින්, ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට පිටුබලයක් සැපයීම චීනයේ අපේක්ෂාවයි. නීති බලාත්මක කිරීම පිළිබඳ ආරක්ෂක සහයෝගිතා පැවැත්වීම, අන්තර් ජාතික විදුලි සන්දේශ අපරාධ මර්දනය කිරීම මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමුවන් යටතේ වන සම්බන්ධීකරණ හා සහයෝගිතා තවදුරටත් තහවුරු කළ යුතු බව ද චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේදී ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ප්‍රකාශය ගැඹුරු අර්ථයෙන් යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය එහිදී ප්‍රකාශ කළාය. ලෝක කාන්තා ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය ලබා දුන් වැදගත් කර්යාභාරයක් ඉන් පිළිබිඹු වූ බවද ඇය සඳහන් කළාය. චීනය සමඟ සබඳතාව වැදගත්කොට සලකන ශ්‍රී ලංකාව එකම චීනය ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන අතර ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඉහළ ගුණාත්මකභවයෙන් සංවර්ධනය කිරීමට සක්‍රිය ලෙස අනුබල දෙන බව ඇය පැවසුවාය. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා චීනය ලබා දුන් වටිනා සහායට ස්තූති පළ කරමින් චීන මාදිලියේ නවීකරණ අත්දැකීම් අධ්‍යයනය කර චීනය සමග සහයෝගිතා තවුදරටත් පුළුල් කිරීමෙන් සිය රටේ නව සංවර්ධනයක් ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඇය ප්‍රකාශ කළාය. එමෙන්ම ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය මුලපිරුම් හතර වත්මන් නොසන්සුන් ජගත් තත්ත්වයට සමනය කිරීමට වැදගත් වන අතර ශ්‍රී ලංකාව චීනය සමග එක්ව එම පුලපිරුම් ක්‍රියාත්මක කර ගෝලීය දකුණේ පොදු ජයග්‍රහණ සහතික කරනු ඇතැයිද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩදුරටත් කියා සිටියාය.