ෂැංහයි සහයෝගිත සංවිධානයේ සාමාජික රටවල් අතර මත්ද්‍රව්‍ය පාලන සහයෝගිතා තවදුරටත් ශක්තිමත් කෙරේ

ලෝක මත්ද්‍රව්‍ය පාලනය කිරීම හා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ෂංහැයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිල ප්‍රකාශනයක් නිකුත් කෙරේ.

ඊයේ(1) නිකුත් කරන ලද එම ප්‍රකාශනයේ සඳහන් වන පරිදි ෂංහැයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයන් විශ්වාසය පළ කරන්නේ ලෝක මත්ද්‍රව්‍ය ප්‍රශ්නය, විවිධ රටවල ස්ථාවරත්වය හා තිරසර සංවර්ධනයට තර්ජනයක් බවයි. එමෙන්ම මත්ද්‍රව්‍ය අවශ්‍යතා හා සැපයුම් පියවර අඩු කිරීමට පොදුවේ උත්සාහ දරන ලෙස එය විවිධ රටවලින් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය පාලන සම්මුති තුනක් පදනම් වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය පාලන පද්ධතියේ වැදගත්කමද එමගින් අවධාරණය කර තිබේ. ෂංහැයි සහයෝගිතා සංවිධානය මත්ද්‍රව්‍ය පාලනය කිරීම පිළිබඳ ගිවිසුම් මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කැප වන බව එම ප්‍රකාශනයේ සඳහන් වේ.

විශාල දත්ත හා කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ හා විශ්ලේෂණ උපකරණ භාවිත කිරීමෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ මර්දනය කිරීමේ කාර්යක්ෂමතාව දියුණු කරන ලෙස එම නායකයන් ප්‍රකාශනයෙන් ඉල්ලා ඇත. සම්බන්ධීකරණ, තොරතුරු හුවමාරු හා තාක්ෂණික සහයෝගිතා ශක්තිමත් කරන ලෙසටද ඉන් ඉල්ලීමක් කෙරේ.