‘ෂී ජින්පිං ගේ සංස්කෘතික බැඳීම’ යන මැයෙන් නිෂ්පාදිත රූපවාහිනී වැඩසටහන ඉතාලියේ විකාශනය කෙරේ.

එම වැඩසටහන ඔස්සේ විදේශ ප්‍රේක්ෂකයන් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සංස්කෘතික චින්තනයේ හරය හා ඔහුගේ රාජ්‍ය පාලන තන්ත්‍රය හා සම්බන්ධ සංස්කෘතික සබැඳියාව විග්‍රහ කෙරේ. චීනය හා ඉතාලිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 55 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද මෙම වැඩසටහන විකාශනය ආරම්භ කිරීමේ උත්සවය ඊයේ (25) රෝම නගරයේ දී පැවැත්විණ. ඒ සමග ම, 30කට වැඩි එරට ප්‍රධාන මාධ්‍ය ආයතන එම වැඩසටහන විකාශනය කරනු ඇත. Alma රූපවාහිනිය, Donna රූපවාහිනිය මෙන්ම Milan මූල්‍ය පුවත්පතේ වෙබ් අඩවිය ද ඊට ඇතුළත් ය.

චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම උළෙලට එක්වෙමින් පැවසුවේ ඉතාලියේ විවිධ ක්ෂේත්‍රයන් හි මිතුරන් සමග එක්ව සංස්කෘතිය හා කලාව මත පදනම් කර ගනිමින් දෙරට ජනතාව අතර ශක්තිමත් සබැඳියාව ආලෝකවත් කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම් බවයි. හවුල් අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීම වෙනුවෙන් පොදුවේ පෙනී සිටීම චීන මාධ්‍ය සමූහයේ අපේක්ෂාව බව ද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.