“ෂී ජින්පිං: චීන පාලනතන්ත්‍රය” නමැති ග්‍රන්ථයේ චීන-කෙන්යා පාඨක හමුවක් මෑතකදී කෙන්යාවේ නයිරෝබි හිදී පැවැත්විණ.
එම පාඨක හමුව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය, චීන විදේශ භාෂා ප්‍රකාශන පරිපාලනය සහ කෙන්යාවේ චීන තානාපති කාර්යාලය එක්ව පවත්වන ලදී. චීනයේ සහ කෙන්යාවේ විවිධ ක්ෂේත්‍රවල 200කට ආසන්න පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
“ෂී ජින්පිං: චීන පාලනතන්ත්‍රය” නමැති ග්‍රන්ථය පරිශීලනයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට චීන මාදිලියේ නවීකරණයේ ප්‍රායෝගික ජයග්‍රහණ සහ ගෝලීය වැදගත්කම පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන බව එම හමුවේ දී පාඨකයින් අදහස් දක්වා තිබේ. චීනය සහ කෙන්යාව මෙන්ම චීනය සහ අප්‍රිකාව අතර රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් හුවමාරුව ගැඹුරු කිරීමටත්, සංවර්ධනය පිළිබඳ ගෝලීය දකුණේ පොදු අදහස් එක්රැස් කිරීමටත්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමටත් එම ග්‍රන්ථය වටිනා මූලාශ්‍රයක් බව ඔවුන් පෙන්වා දී ඇත.