ෂී ජින්පිං ජනපතිගේ ආර්ථික දැක්ම විග්‍රහ කෙරෙන ප්‍රථම රූපවාහිනී වැඩසටහන විකාශය ඇරඹේ

‘ෂී ජින්පිං ගේ ආර්ථික දැක්ම පිළිබඳ විග්‍රහය’ යන රූපවාහිනී වැඩසටහන් මාලාවේ විකාශය අද සිට ආරම්භ වේ. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්ම නිසි, පුළුල් ලෙස විද්‍යමාන කරන ප්‍රථම රූපවාහිනී වැඩසටහන ද මෙයයි.

චීන මාධ්‍ය සමූහය, සංවර්ධනය හා ප්‍රතිසංස්කරණයේ චීන ජාතික කොමිසම විසින් එක්ව සම්පාදනය කරන ලද මෙම වැඩසටහන කොටස් 14කින් සමන්විත ය. අද(24) 19:45ට චීන මාධ්‍ය සමූහයට අයත් මූල්‍ය නාළිකා‍ව ඔස්සේ විකාශය කිරීමට නියමිත ව තිබේ.