“ෂී ජින්පිං මහතාගේ පාරිසරික ශිෂ්ටාචාර ලේඛන සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම ප්‍රකාශයට පත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාසය සහ ලේඛන පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරන ලද “ෂී ජින්පිං මහතාගේ පාරිසරික ශිෂ්ටාචාර ලේඛන සංග්‍රහය” නමැති ග්‍රන්ථයේ පළමු වෙළුම මධ්‍යම සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හරින ලදි.

පාරිසරික ශිෂ්ටාචාරය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය, නව යුගයේ චීන ලක්ෂණ සහිත සමාජවාදය පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනයේ වැදගත් කොටසකි. පාරිසරික ශිෂ්ටාචාර ගොඩනැගීමේ නීති පිළිබඳ පක්ෂයේ අවබෝධය ඉන් නව මට්ටමකට ඔසවා ඇත. “සුන්දර චීනයක් ගොඩනැගීම” තුළින් මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනය සහිත නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා, එය මූලික මාර්ගෝපදේශයකි.

2012 දෙසැම්බර් සිට 2025 අප්‍රේල් දක්වා ෂී ජින් පිං මහතා පාරිසරික ශිෂ්ටාචාර ගොඩනැගීමේ  වැදගත්ම සහ මූලික කෘති එම වෙළුමට ඇතුළත් වේ. වාර්තා, කථා, දේශන සහ උපදෙස් 79 ක් ඊට අන්තර්ගතය. ඉන් ඇතැම් කෘති ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර ඇත්තේ පළමු වරටය.