“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” නමැති වැඩසටහනේ තුන්වැනි මාලාව (ස්පාඤ්ඤ අනුවාදය) පේරු රාජ්‍යයේ විකාශය කෙරේ

පේරු ජනාධිපතිනි Dina Boluarte මහත්මියගේ ආරාධනයකට අනුව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ලීමා නගරයේ පැවැත්වෙන එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවට සහභාගි වීම සහ එරට නිල සංචාරයක නිරත වීම නිමිත්තෙන් පසුගිය 14 වනදා සිට චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරන ලද එම වැඩසටහන හඳුන්වා දීමේ සහ පූර්ව ප්‍රචාරක පට එරට ප්‍රධාන මාධ්‍යයන් රැසක විකාශය කර තිබේ.

පේරු ජාතික ගුවන්විදුලි හා රූපවාහිනිය, පේරු රූපවාහිනී ජාලය සහ පේරු ගුවන්විදුලි වැඩසටහන් සමූහයේ රූපවාහිනී සේවය ඇතුළු මාධ්‍යයන් ඊට ඇතුළත් ය.

“ෂී ජින්පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උද්ධෘත” වැඩසටහනේ තුන්වැනි මාලාව (ස්පාඤ්ඤ අනුවාදය), එතුමාගේ වැදගත් දේශන, ලිපි, සංවාද තුළින් උපුටා ගත් චීනයේ සම්භාව්‍ය උද්ධෘත පාඨ සංග්‍රහයකින් සමන්විත වේ.

ෂී ජින්පිං මහතාගේ දේශපාලන ප්‍රඥාව හා ඉතිහාසය හා ආවේණික සංස්කෘතිය කෙරෙහි ඇති අවබෝධය එමගින් ප්‍රශස්ත ලෙස පෙන්නුම් කර තිබේ.

එසේ ම, නව යුගය‍ට උචිත පරිදි, චීන ජාතියේ කැපී පෙනෙන සාම්ප්‍රදායික සංස්කෘතියේ අන්තර්ගතයන් හා එහි ගෝලීයකරණ වටිනාකම් ද අයත් වේ.