චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය 29 වන දා 22 වන සාමූහික අධ්‍යයනය පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම අධ්‍යයනය, රට තුළ පවතින විවිධ ආගම්, චීන ක්‍රමවේදයට අනුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම මූලික කර ගනිමින් සිදු කෙරිණ.
2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික කොංග්‍රසයේ සිටම, පක්ෂය ආගම් කටයුතු රාජ්‍ය පාලනයේ ප්‍රමුඛස්ථානයේ තබා ඇති අතර, රටේ ආගම් චීන ක්‍රමවේදයට අනුව ප්‍රවර්ධනය ඇතුළු නව සංකල්ප සහ පියවර මාලාවක් ඉදිරිපත් කර ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ සමාජවාදී රටක් ලෙස, චීනයේ ආගම් සමාජවාදී සමාජයට අනුවර්තනය කිරීම අත්‍යවශ්‍ය බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. එමෙන්ම රට තුළ විවිධ ආගම්, චීන සංස්කෘතිය සමඟ ඒකාබද්ධ කිරීමෙන් යහපත් ලෙස ජනතාව වෙත සම්ප්‍රේෂණය කළ හැකි බව ඔහු අවධාරණය කළේය.
ආගම්වල මූලධර්ම, රෙගුලාසි, පාලනය, චාරිත්‍ර සහ හැසිරීම් ඇතුළු විවිධ අංගවලින් චීන ලක්ෂණ මූර්තිමත් කිරීමටත්, යුගයේ ලක්ෂණයන්ට අනුවර්තනය වීමටත් සහාය විය යුතු බව ෂී ජින් පිං මහතා කියා සිටියේය. රටේ ආගම් චීන ක්‍රමවේදයට අනුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කරමින් සමාජවාදී සමාජයට අනුවර්තනය කිරීමට ක්‍රියාශීලිව කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.