“ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත” නමැති වැඩසටහනේ වියට්නාම භාෂා අනුවාදය අද (14) සිට එහි විකාශය කිරීම ඇරඹේ. ඒ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාමයේ නිළ සංචාරයක නිරත වීම නිමිත්තෙනි. එමෙන්ම, චීනය සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 75 වන සංවත්සරය සැමරීම සඳහා මානව හා සංස්කෘතික හුවමාරු උත්සවයක් සහ චීන මාධ්‍ය සමූහය සහ වියට්නාම ජාතික රූපවාහිනිය අතර සහයෝගීතා උත්සවයක් ද Hanoi හිදී පැවැත්විණ. වියට්නාමයේ සහ චීනයේ දේශපාලන, ආර්ථික, සංස්කෘතික, මාධ්‍ය, අධ්‍යාපන සහ අනෙකුත් ක්ෂේත්‍රවල විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් ඇතුළු ආරාධිතයෝ 150 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
වියට්නාම අගමැති Pham Minh Chinh මහතා,එම වැඩසටහන විකාශය කිරීම සහ උත්සවය සාර්ථකව පැවැත්වීම පිළිබඳව සුබ පැතුම් ලිපියක් යොමු කර තිබිණ.

පසුගිය වසර 75 තුළ පක්ෂ දෙකේ සහ දෙරට රජයන්ගේ නායකත්වය යටතේ වියට්නාම-චීන යහපත් අසල්වැසි මිත්‍රත්වය සහ පූර්ණ උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරී සම්බන්ධතාව අඛණ්ඩව තහවුරු කර සංවර්ධනය කර ඇති බවත්, එමඟින් දෙරටේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ගෙනදී ඇති බවත් Pham Minh Chinh මහතා සිය සුබ පැතුම් ලිපියේ සඳහන් කළේය. පක්ෂ දෙකේ සහ රටවල් දෙකේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය ලෙස වියට්නාම ජාතික රූපවාහිනිය සහ චීන මාධ්‍ය සමූහය සත්‍ය තොරතුරු බෙදා හැරීම, ජනතාව අතර මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඔවුන්ගේ අදාළ සංස්කෘතික වටිනාකම් ප්‍රදර්ශනය කිරීමේ යුතුකම් විශිෂ්ට ලෙස ඉටු කර ඇති බව ද ඔහු පැවසීය.
“ෂී ජින් පිං මහතා ප්‍රිය කරන සම්භාව්‍ය උධෘත” නමැති වැඩසටහනේ වියට්නාම භාෂා අනුවාදය ෂී ජින් පිං මහතාගේ වැදගත් කථා, ලිපි සහ සංවාද වලදී උපුටා දක්වන ලද පුරාණ චීන පොත් සහ සම්භාව්‍ය උපුටා දැක්වීම් තුළින් තෝරා ගෙන තිබේ. එය ෂී ජින් පිං මහතාගේ දේශපාලන ප්‍රඥාව, ගැඹුරු ඓතිහාසික හා සංස්කෘතික අර්ථයන් සහ පුළුල් ඓතිහාසික හා ලෝක දැක්ම පැහැදිලිව පෙන්නුම් කරන අතර, චීන මාදිලියේ නවීකරණයේ සංස්කෘතික මූලාරම්භය වියට්නාම ප්‍රේක්ෂකයින් වෙත පිළිබිඹු කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා මෙම අවස්ථාවට සහභාගී වී දේශනයක් පැවැත්වීය. චීන මාධ්‍ය සමූහය සෑම විටම වියට්නාමයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ වැදගත් ආයතන සමඟ සමීප හුවමාරු සහ සහයෝගීතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, ” ආසියාන් සංගම් හවුල්කරුවන්” වැනි කලාපීය සහයෝගීතා යාන්ත්‍රණ ඒකාබද්ධව නිර්මාණය කර ඇති බවත්, සාර්ථක සහයෝගීතාවයේ බොහෝ උදාහරණ සඳහා පුරෝගාමී වූ බවත් ඔහු පැවසීය. පොදු ඉරණමක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට වියට්නාමයේ සියලු තරාතිරම්වල මිතුරන් සමඟ එක්ව කටයුතු කිරීමට චීන මාධ්‍ය සමූහය කැමැත්තෙන් සිටින බව ද Shen Haixiong මහතා පැවසීය.

මෙම අවස්ථාවේදී, චීන මාධ්‍ය සමූහය සහ වියට්නාම ජාතික රූපවාහිනිය වාර්තා චිත්‍රපට හුවමාරු සහයෝගිතා ව්‍යාපෘතියක් ද දියත් කළේය.
