සංස්කෘතික දේපළ සම්බන්ධ යුනෙස්කෝ සංවිධානයේ 1970 වසරේ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 8 වන සම්මන්ත්‍රණයේ සභාපතිත්වය චීනයට

සංස්කෘතික දේපළ නීති විරෝධී ලෙස ආනයනය කිරීම, අපනයනය කිරීම සහ හිමිකාරිත්වය පැවරීම තහනම් කිරීමේ සහ වැළැක්වීමේ ක්‍රම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ 1970 වසරේ සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 8 වන සම්මන්ත්‍රණය ඊයේ (19) පැරිසියේදී ආරම්භ විය. චීනය පාර්ශ්වකරුවන්ගේ සම්මන්ත්‍රණයේ සභාපතිත්වය සඳහා මෙවර පළමු වරට තේරී පත්ව සිටී.

යුනෙස්කෝ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Yang Xinyu මහතා, සම්මන්ත්‍රණයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. හෙතෙම එහි මුලසුන හොබවමින්, සම්මන්ත්‍රණය කාර්යක්ෂමව හා ක්‍රමවත්ව පැවැත්වීම සහ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සහතික කරමින් කටයුතු මෙහෙයවීම මෙන්ම සම්බන්ධීකරණය සිදු කර තිබේ.

යුනෙස්කෝ සංවිධානයේ 1970 වසරේ සම්මුතිය යනු සංස්කෘතික දේපළ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට එරෙහිව සටන් කිරීම සහ නැතිවූ සංස්කෘතික දේපළ ආපසු ලබා දීමේ ක්ෂේත්‍රයේ වැදගත්ම බහුපාර්ශ්වික යාන්ත්‍රණයයි. දැනට සම්මුතියට සහභාගී වන රටවල සංඛ්‍යාව 147 කි. සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 8 වන සම්මන්ත්‍රණය අද (20) අවසන් වේ.