සමගිය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට අරාබි රටවලට සහාය වන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලයි

සමගිය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා අරාබි රටවලට සහාය වන ලෙස චීනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ඊයේ (02) එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අරාබි රාජ්‍ය සංගමය අතර සහයෝගීතාව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමකදී මේ බව පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අරාබි රාජ්‍ය සංගමයේ අදහස් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතු බවත් කලාපීය ක්‍රම මගින් කලාපීය ගැටලු විසඳීමට සහාය විය යුතු බවත් ඔහු පැවසීය. සංකීර්ණ ඓතිහාසික පසුබිමක් සහ බාහිර බලවේග අතර භූ දේශපාලනික තරගකාරිත්වය යන දෙකම හේතුවෙන් මැද පෙරදිග දිගු කලක් තිස්සේ කැලඹිලි සහිත තත්වයක පවතින බව ඔහු පෙන්වා දුන්නේය. සියලු පාර්ශ්වයන් සාම සාකච්ඡා ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කළ යුතු බවත්, සාමය සඳහා අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බවත්, යුද්ධය අවසන් කිරීමට පෙළඹවිය යුතු බවත් ඔහු පැවසීය.

චීනයේ පැවැත්වෙන දෙවන චීන-අරාබි රාජ්‍ය සමුළුව ප්‍රයෝජනයට ගනිමින් පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත් මැද පෙරදිග සාමය හා සංවර්ධනයටත් වැඩි දායකත්වයක් ලබා දීම සඳහා අරාබි රටවල් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Fu Cong මහතා වැඩිදුරටත පැවසීය.