සමබර, ඵලදායී සහ තිරසර යුරෝපීය ආරක්ෂක රාමුවක් නිර්මාණය කරන්නැයි චීනයෙන් ඉල්ලීමක්

සමබර, ඵලදායී සහ තිරසර යුරෝපීය ආරක්ෂක රාමුවක් නිර්මාණය කරන්නැයි චීනය ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත Sun Lei මහතා මේ බව පැවසුවේ ඊයේ(09) පැවති යුක්රේන ගැටලුව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ සමාලෝචන රැස්වීමේදීය.

යුක්රේන ගැටලුවට අදාළ සාකච්ඡා සහ විසඳුම් තීරණාත්මක අවධියකට පිවිස ඇති බව Sun Lei මහතා එහිදී පෙන්වා දුන්නේ ය. අර්බුදයට කඩිනම් දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු සඳහන් කර ඇත.

පොදු, විස්තීර්ණ, සහයෝගී සහ තිරසර ආරක්ෂක සංකල්පයකට අනුකූල විය යුතුය. එමෙන්ම තම රටේ ආරක්ෂාව සහ පොදු ආරක්ෂාව වෙන් කළ නොහැකිය යන මූලධර්මය මතකයේ තබා ගෙන එකිනෙකාගේ නීත්‍යනුකූල ආරක්ෂක සැලකිල්ල කෙරෙහි අවධානය යොමු කරමින් නිසි ලෙස කටයුතු  කරන ලෙස චීනය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු එහිදී අවධාරණය කර ඇත.