‘සමුද්‍රීය ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’ යන මැයෙන් රචිත චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් ලිපියක් ‘Qiushi’ සඟරාවේ පළ කෙරේ.
එය හෙට (16) දිනයේ ප්‍රකාශයට පත්වන‘Qiushi’ සඟරාවේ 06 වැනි කලාපයේ පළ කෙරෙනු ඇත.
චීනයට සිය සමුද්‍රීය කටයුතු උපායමාර්ගික කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ දිගු ඉතිහාසයක් ඇත. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු, තම රටෙහි සාගර කලාපය ක්‍රමානුකූලව සංවර්ධනය කරමින් සිටින බව එම ලිපියේ සඳහන් විය.
ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසු, චීනයේ සමුද්‍රීය ආර්ථිකය වේගවත් සංවර්ධන කාල පරිච්ඡේදයකට පිවිස තිබේ. වත්මන් චීන මාදිලියේ නවීකරණය ඉදිරියට ගෙන යාමට නම්, සාගර කලාපය කාර්යක්ෂමව සංවර්ධනය කර, භාවිත කළ යුතු අතර ඒ සමඟින් සමුද්‍රීය ආර්ථිකයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව ද එම ලිපිය අවධාරණය කර තිබේ.