සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් වෙනුවෙන් රුසියාව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනයේ අපේක්ෂාව අවධාරණය කෙරේ

චීන උප ජනාධිපති Han Zheng මහතා සහ රුසියානු ජනාධිපති Vladimir Putin මහතා අතර ඊයේ (05) ශාන්ත පීටර්ස්බර්ග්හිදී විශේෂ හමුවක් සිදුවිය. 29 වන ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සංසදයට සහභාගී වීම සඳහා රුසියාවට පැමිණ සිටින අතරතුර Han Zheng මහතා සහ Putin මහතා අතර මෙම හමුව සිදූ වූ අතර, එහිදී රුසියානු ජනපතිවරයාගෙන් චීන උප ජනපතිවරයා වෙත උණුසුම් පිළිගැනීමක් හිමි විය.

ඉහළ මට්ටමේ චීන-රුසියානු සම්බන්ධතාවයක් දෙරටේම සංවර්ධනය හා පුනර්ජීවනය සඳහා නොවැළැක්විය හැකි අවශ්‍යතාවයක් පමණක් නොව, ලෝක සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා මෙම යුගයේ දෙපාර්ශ්වයම දරන වගකීමක් බවත් Han Zheng මහතා එහිදී පැවසීය. වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම ප්‍රවර්ධනය සඳහා රුසියාව සමග සම්බන්ධීකරණය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දුන්නේය.

රුසියාව සහ චීනය අතර අසල්වැසි මිත්‍රශීලි සහයෝගිතා ගිවිසුම සඳහා අත්සන් තැබීමේ 25 වන සංවත්සරය, දෙරට එක්ව සමරන මෙම වසරේදී “රුසියානු-චීන අධ්‍යාපන වර්ෂය” දියත් කරන බවත් Putin මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

එමෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි හුවමාරු සහ සහයෝගීතාවන් ඉදිරියට ගෙන යාමට සහ රුසියානු-චීන සබඳතාවන්හි නිශ්චිතභාවය සමඟ ලෝක සාමයට සහ සංවර්ධනයට මෙන්ම ස්ථාවරත්වයට ද දායක වීම සඳහා චීනය සමග කටයුතු කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව ජනපති පුටින් වැඩිදුරටත් පැවසීය.