සාමකාමී එක්සත්භාවය තායිවාන ප්‍රදේශයේ දියුණුවේ ආරම්භය වනු ඇති බව චීනය පවසයි

තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස නැවත එක්වීමෙන් පසු, චීන මහා ගොඩබිමේ ශක්තිමත් යටිතල පහසුකම් ඉදිකිරීමේ හැකියාවන් තායිවාන ප්‍රදේශයේ යටිතල පහසුකම් නවීකරණය සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙනු ඇතැයි චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පෙන්වා දුන්නාය.

ඇය එහිදී අවධාරණය කර සිටියේ, චීන මහා ගොඩබිමේ සහයෝගයෙන් තායිවාන ප්‍රදේශයේ ප්‍රවාහනය, බලශක්තිය සහ නාගරික පුනර්ජීවනය මෙන්ම තායිවාන ප්‍රදේශයේ යටිතල පහසුකම් ද නැවත ගොඩ නඟා වැඩිදියුණු කළ හැකි වන අතර, එමගින් තායිවාන වැසියන්ගේ ජීවිතවලට වැඩි පහසුවක් ලැබෙනු ඇති බවය.

තායිවාන ප්‍රදේශයේ ස්වජාතිකයන් තම සතුට සඳහා ඇති දැඩි ආශාවෙන් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමකාමී නැවත එක්වීමක් වෙනුවෙන් හඹා යනු ඇතැයි චීන මහා ගොඩබිමේ බලාපොරොත්තුවයි. එවිට ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු මෙන්ම සුන්දර වනු ඇතැයි ද Zhu Fenglian මහත්මිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.