
චීන මාධ්‍ය සමූහය සංවිධානය කරන එම චිත්‍රපට ප්‍රසංගය පසුගිය 23 වනදා නිව්යෝර්ක් හි Lincoln මධ්‍යස්ථානයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උපප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා ඒ සඳහා වීඩියෝ දේශනයක් නිකුත් කර ඇත.
සංගීත හා චිත්‍රපට මානවයන්ගේ පොදු භාෂාවයි.සංගීතය මගින් සාම සිහිනය ඉදිරිපත් කරමින් සංවාදය හරහා ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය අධ්‍යයන ප්‍රවර්ධනය කර බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ශක්තිය ලබා දෙන බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ සන්ධ්වනි කණ්ඩායම, එක්සත් ජාතීන්ගේ ගායන කණ්ඩායම, නිව්යෝර්ක් ජාත්‍යන්තර සන්ධ්වනි කණ්ඩායම මෙන්ම චීන පියානෝ කලාශිල්පී Lang Lang එම ප්‍රසංගයේදී සම්භාව්‍ය ගීත රැසක් ඉදිරිපත් කළහ.එක්සත් ජාතීන්ගේ ගායන කණ්ඩායම විවිධ භාෂාවලින් සාමය උදෙසා අපේක්ෂාව පිළිබඳව ද ගායනා කළහ. ඇමරිකානු කලා හා මාධ්‍ය ක්ෂේත්‍රවල නියෝජිතයෝ 700ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.