සාමූහික අනාගතයකින් යුත් චීන-ලතින් ඇමරිකානු හා කැරිබියානු සබඳතා වඩාත් ශක්තිමත් කෙරේ

චීන-ලතින් ඇමරිකානු හා කැරිබියානු රාජ්‍ය සංසදය ක්‍රියාත්මක වීමේ 10 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. ගතවූ වසර 10 තුළ, අවස්ථා 06ක දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එම කලාපයේ නිල සංචාරයක නිරත වීමත් සමඟ දෙපාර්ශ්වය අතර සබඳතා ඉහළ නංවාලීම වෙනුවෙන් නව මාවතක් විවර කර තිබේ. ඊයේ (13) චීනයේ බෙයිජිං හි පැවති චීන-ලතින් ඇමරිකානු හා කැරිබියානු රාජ්‍යයන්හි සංසදයේ සිව් වැනි අමාත්‍ය මට්ටමේ සමුළුව මගින් ‘බෙයිජිං ප්‍රකාශය’ හා ‘චීන-CELAC රාජ්‍යයන් අතර වැදගත් ක්ෂේත්‍රවල සහයෝගතා පිළිබඳ ඒකාබද්ධ ක්‍රියා සැලැස්ම (2025-2027)’ ප්‍රකාශයට පත් කෙරිණ. අභියෝගයන්ට පොදුවේ මුහුණ පෑම සඳහා එකමුතුවෙන් සහයෝගිතා පැවැත්වීමට දෙපාර්ශ්වයේ අධිෂ්ඨානය එමගින් විද්‍යමාන කෙරිණ.

ජාත්‍යන්තරයේ කැළඹිලි සහගත ස්වභාවයක් පෙන්නුම් කෙ‍රෙන වත්මන් කාල පරිච්ඡේදය තුළ මෙවර අමාත්‍ය මට්ටමේ සමුළුව සාර්ථක ව පැවැත්වීම ඉතා සුවිශේෂී ය. බ්‍රසීලය, කොලොම්බියාව, චිලී යන රාජ්‍යන්හි ජනාධිපතිවරු මෙම සමුළුව සඳහා එක්වූහ. මෙවර සමුළුව චීනය හා ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍යයන් අතර එකමුතුව හා ස්වෝත්සාහයෙන් නැගී සිටීම තහවුරු කරමින් අස්ථිර ජාත්‍යන්තර තත්ත්වය සඳහා ස්ථායිතාවක් ලබා දෙනු ඇති බව ද ලතින් ඇමරිකා ප්‍රවෘත්ති ඒජින්සිය වාර්තා කරයි.

යහපත් අනාගතයක් උදෙසා, ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල් සමග එක්ව එක්සත්භාවය, සංවර්ධනය, ශිෂ්ටාචාරය, සාමය හා ජනතාවාදීත්වය තවදුරටත් තහවුරු කිරීමට කැපවීමෙන් පෙනී සිටීම සඳහා සූදානම් බව චීනය මෙහිදී ප්‍රකාශ කළේ ය.

කොලොම්බියානු ජනපති මන්දිරය ඉකුත් 12 වැනිදා නිවේදනය කළේ ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළට තම රට එක් වන බව Gustavo Petro ජනාධිපතිවරයා ස්ථිර කර ඇති බවයි. මෙම වැඩපිළිවෙළ යටතේ ගතවූ වසර 10 තුළ, මෙක්සිකෝවේ Peñasco වරාය ප්‍රකාශ වොල්ටියතා ව්‍යාපෘතිය, පේරු රාජ්‍යයේ Chancay වරාය ඇතුළු චීනය සහ ලතින් ඇමරිකානු හා කැරිබියානු රටවල් අතර ක්‍රියාත්මක විවිධ සහයෝගිතා ව්‍යාපෘති තුළින් කලාපීය ජනතාව වෙත ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන දී තිබීම කැපී පෙනේ.