චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ නියෝජිත, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික,උප අගමැති Zhang Guoqing මහතා ඊයේ (10) ප්‍රංශයේ පැරිසියේ පැවති දෙවන න්‍යෂ්ටික බලශක්ති සමුළුවට සහභාගී වී දේශනයක් පැවැත්වීය.
ෂී ජින් පිං මහතා විසින් යෝජනා කරන ලද තාර්කිකත්වය සහ සම්බන්ධීකරණය යන කරුණු මත ප්රගතිශීලී න්‍යෂ්ටික ආරක්ෂක සංකල්පයට චීනය සැමවිටම අනුගත වී ඇති බවත්, සංයුක්ත ක්‍රියාමාර්ග හරහා ලොව පුරා න්‍යෂ්ටික බලශක්ති සංවර්ධනය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දී ඇති බවත් Zhang Guoqing මහතා එහිදී පැවසීය.
න්‍යෂ්ටික බලශක්තිය සියලු රටවල සංවර්ධනයට සහ සමෘද්ධියට, වඩා යහපත් ප්රතිලාභ ලබා ගත හැකි වන පරිදි,ගෝලීය සංවර්ධන මුලපිරීම,ගෝලීය ආරක්ෂක මුලපිරීම,ගෝලීය ශිෂ්ටාචාර මුලපිරීම සහ ගෝලීය පාලන මුලපිරීම ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
“සැමට ආරක්ෂිත සහ දැරිය හැකි න්‍යෂ්ටික බලශක්තිය” යන මැයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ද මෙම සමුළුවේදී නිකුත් කෙරිණ.