සිය‘විශ්වසනීය නොවන ආයතන නාමාවලි’ක්‍රමවේදය පිළිබඳව චීනයෙන් දැනුම් දීමක්

විශ්වසනීය නොවන ආයතන නාමාවලියට ඇතුලත් කරනුයේ චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සුළුතර විදේශ ආයතන පමණක් බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.

‘විශ්වසනීය නොවන ආයතන නාමාවලි’ ක්‍රමවේදය චීනය යළිත් ක්‍රියාවට නංවමින් Dedrone by Axon සමාගම, TechInsights සමාගම් සහ ඊට අනුබද්ධ ආයතන ඇතුළු විදේශ ආයතන රැසකට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය අද (09) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළේය.

මෑත වසර වලදී, එවැනි සමාගම් චීනයේ දැඩි විරෝධතා පසකලා චීනයේ තායිවාන ප්‍රදේශය සමග එක්ව ඊනියා හමුදාමය ක්‍රියාකාරම්වලට අදාළ තාක්ෂණික සහයෝගිතා පවත්වමින් චීන ව්‍යවසායයන්ට පීඩා එල්ල කිරීම සඳහා විදේශ රටවලට සහාය දක්වා ඇති බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී පැවසීය. එවැනි ක්‍රියාවන් චීන ස්වෛරීත්වය, ආරක්ෂාව හා සංවර්ධන ප්‍රතිලාභයන්ට හානිකර ය. අදාළ නීතීන්ට අනුගත ව චීනය එම සමාගම්වලට එරෙහිව ද‍ඬුවම් පමුණුවනු ඇත. ‘විශ්වසනීය නොවන ආයතන නාමාවලි’ක්‍රමවේදය සැලකිලිමත් අයුරින් ක්‍රියාත්මක කරන චීනය, චීන නීතිය නිසි ලෙස අනුගමනය කරන අවංක විදේශ ආයතන වෙත අදාළ සම්බාධක පැනවීම කිසිදු අයුරකින් සිදු නොකරන බව ද චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.