සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (9) එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා සිය ප්‍රකාශකයා හරහා නිවේදනයක් නිකුත් කර ඇත.
වසර 14ක දරුණු යුද්ධයෙන් සහ සිරියානු රජය බිඳ වැටීමෙන් පසු, උදා වූ මෙම ඓතිහාසික අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් සිරියානු ජනතාවට සාමකාමී සහ තිරසර අනාගතයක් නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම එහිදී ප්‍රකාශ කළේය.
සිරියාවේ අනාගතය තීරණය කරනුයේ සිරියානු ජනතාවයි. මෙම සංවේදී අවස්ථාවේදී ප්‍රචණ්ඩත්වයෙන් මිදී සංයමයෙන් යුතුව ක්‍රියා කරමින් වෙනස්ව සැලකීමකින් තොරව සමස්ත සිරියානු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස António Guterres මහතා ජගත් ප්‍රජාවෙන් යළි ඉල්ලා සිටියේය.
මේ අතර රුසියානු TASS පුවත් වාර්තාවකට අනුව, බෂාර් අල් අසාද් සහ පවුලේ සාමාජිකයන් රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණ ඇති අතර රුසියාව ඔවුන්ට සරණාගතභාවය ලබා දී ඇත.
එමෙන්ම සිරියාවේ Damascus අගනුවරට ඊයේ(08) පිවිසි බව සිරියානු සන්නද්ධ විපක්ෂය ප්‍රකාශ කර ඇත. ඉන් පසු ඔවුන් ජාතිය අමතමින් පැවසුවේ “Damascus අගනුවර අල්ලා ගත් අතර බෂාර් අල් අසාද් ගේ දේශපාලන බලය බිඳ දැමූ බවයි”.
මේ සම්බන්ධයෙන් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ සිරියාවේ සන්නද්ධ ගැටුම් හා සම්බන්ධ ඒ ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් පසු සාමකාමී ව බලය පවරා බෂාර් අල් අසාද් මහතා සිරියානු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී සිරියාවෙන් පිටවීමට තීරණය කළ බවයි.