සිරියාව සඳහා ඉවසිලිවන්ත දේශපාලන යාන්ත්‍රණයක අවශ්‍යතාව චීනය අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (28) සිරියාවේ තත්ත්වය පිළිබඳ විවෘත රැස්වීමක් පවත්වමින්, එරට දේශපාලන හා මානුෂීය තත්ත්වය සමාලෝචනය කළේ ය.

සිරියාවේ Suada හි බරපතල නිකායික ගැටුම්වලින්, සිය ගණනක පුද්ගල මරණ හා තුවාල සිදුවීම් වාර්තා වූ අතර තවත් 175,000ක් අවතැන් වී ඇති බව, සිරියාවේ ගැටලුව සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත Geir Pedersen මහතා සඳහන් කළේ ය. සියලු පාර්ශ්වයන් සිවිල් වැසියන්ට එරෙහිව සිදු කරන ම්ලේච්ඡ ක්‍රියා ඔහු හෙළා දුටු අතර, ඒ සඳහා නිසි විමර්ශනය සහ වගවීම ද ඉල්ලා සිටියේ ය.

මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පෙන්වා දුන්නේ, සිරියානු අර්බුදය විසඳීමට ඇති එකම මාර්ගය එරට ජනතාව විසින් මෙහෙයවන ලද, සියලු පක්ෂයන්ගේ අවශ්‍යතා සලකන දේශපාලන ක්‍රමවේදයක් ක්‍රියත්මක කිරීම බවයි. එමෙන්ම සිරියානු අන්තර්කාලීන පාලකයන් ඉවසිලිවන්ත දේශපාලන සංක්‍රාන්තියක් සක්‍රීයව ප්‍රවර්ධනය කරමින්, පුළුල් සංවාද හරහා සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතා විසඳිය යුතු ය. තවද, මෙම ක්‍රියාවලියේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ යුතු බවත් Fu Cong මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.